Archive for June, 2011


 

ජීවිතයේ සමහර දේවල් අප බලාපොරොත්තු වන පරිදිම සිදුවන්නේ නැති බව ජීවිතයට අලුත් අත්දැකීමක් නොවේ. නමුත් සමහර විට සැලසුම් සහගතව කල් යල් බලා සිදුකරන සමහර දේවල්ද යම් විටෙක අසාර්ථක වන්නට පුළුවනි. එහෙත් ඊට අපේ කිසිදු වරදක් නොතිබෙන්නටත් පුළුවන් එවන් මොහොතක බලාපොරොත්තු වූ සමහර දේ අපෙන් ඈත්වෙන විට ,ගිලිහී යන විට ජීවිතය එපාවෙන ස්වාභාවයක් සිතට දැනෙනවා.මේ ජීවිතේ නම් වැඩක් නැතැයි කියා විටෙක සිතෙනවා. නමුත් ජීවිතය දිනවීමට වඩා ජීවිතය අතහැර දැමීමට ඉතාමත් පහසු කාර්යක් උවත් පහසු දේ තෝරා ගැනීම උත්සාහයක් නොවිය යුතුය. සමහර විට මේවා කවදාවත් වෙනස් කරන්න බැරි දේවල්, දෛවය ලියවිලා තිබෙන්නේ මේ ආකාරයටයි කියලා තීන්දු නොකල යුතුය. අප වර්ථමානයේ  සැලසුමකට අනුව  ක්‍රියාත්මක වන්නේ නම් අපේ අපේක්ෂා කරන අරමුණු වලට ලගාවිය හැකිය. එසේ නොමැතිව සැලසුමක් රහිතව කටයුතු කලහොත් අනාගතයේ ලගා වනුයේ කවර ඉලක්කයකට දැයි කිව නොහැක. එවිට‍ ඉබාගාතේ යන අනාගතයක් භාර ගැනීමට සිදුවේ. එමනිසා අද සිටම වර්ථමානයේ සිට අනාගතයේ ලගාවන ඉලක්කයන් අරමුණු කරගෙන කටයුතු කල යුතුය. එවිට එය ඉතා කෙටි කාලයකදී හෝ දිගු කාලයකදී ලගාවේ. මේ සියලු දේ සදහා ප්‍රතිකර්ම විසදුම් ඇත්තේ අපගේ සිත තුලයි.

 

 

 

strange world

what are strange world
if fi

Follow

Get every new post delivered to your Inbox.